News

මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට කොවිඩ්

මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එහි සේවය කරන සියලු නිලධාරීන් සහ සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (04) දිනයේ මඩකලපුව මහා නගර සභාවේ පුරපති ත්‍යාගාරාසා සරවනන් ඇතුළු සභිකයින්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.

කොවිඩ් ආසාදිත ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ සමීපතම ආශ්‍රිතයින් සොයා තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් සිටියි.