News

කත මැරූ SIගේ තවත් CCTV දර්ශන කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන

 

 

කාන්තාවක මරා දමා හිස නොමැතිව තිබියදී හමුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ තවත් CCTV දර්ශන කිහිපයක් ගැන පොලීසියේ අවධානය යොමුව ඇත.

ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 1 වනදා සවස 4.10ට පමණ කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් මොනරාගල දක්වා ධාවනය වන බස් රථයකට නැග තිබුණා.

අදාළ බස් රථය එදින රාත්‍රියේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී ආහාර ගැනීම සඳහා නවතා ඇත.

රාත්‍රී 11.30ට පමණ බුත්තල නගරයෙන් ඔහු බස් රථයෙන් බැස ඇති බවට ද අනාවරණය වී තිබේ.

ඇතැම් CCTV දර්ශන මේ වනවිට ලැබී ඇති බවත් ඒ ඔස්සේ පොලිස් විමර්ශන සිදු කෙරෙන්නේ ඔහු පැළඳ සිටින බෑගයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිස තිබුණේ දැයි අනාවරණය කරගැනීමේ අරමුණින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.