News

හැටන් තේ වත්තක නාඳුනන මළ සිරුරක් හමුවේ

 

 

හැටන් පොලිස් වසමේ ස්තැඩන් වත්තේ කාණුවක තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් ඊයේ දින හමුවී ඇති බව හැටන් පොලීසිය සඳහන් කරනවා.

එම තේ වත්ත’ හැටන් සහ රොසල්ල දුම්රිය මධ්‍යස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට පහලින් පිහිටා තිබේ.

වතුකම්කරුවන් පිරිසක් හැටන් පොලිසියට ලබාදුන් තොරතුරක් මත පොලීසිය විසින් සිරුර සොයාගෙන තිබෙන අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් පමණ වන අතර දුඹුරු පැහැති කමිසයක් සහ සරමක් හැඳ සිට තිබේ.

ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පර්ක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.