වාහන ජාවාරම්කරුවන් දෙදෙනෙක් මාට්ටු
කූඨ ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාවාරම්කරුවන් විසින් කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කර අඩු මුදලකට එම වාහන විකිණීම සිදුකර ඇත.
මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම සැකකරුවන් තවත් අපරාධ 17කට පමණ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් කිරීම් සිදුකරන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ හේතුවෙන් රියදුරන් සිය වාහන නවතා යෑමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කළයුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.