News

කොවැක්ස් ක්‍රමවේදය යටතේ දුන් එන්නත් කටුනායකට

 

 

කොවිඩ් මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ලංකාවට දීමට නියමිත 20%ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ලබාදී තිබේ.

එම එන්නත් තොගය අද (07) දින අලුයම 12.15 ට එමිරේට්ස් EK – 2528 දරණ විශේෂ ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එන්නත් තොගය නිලවශයෙන් භාරදීම සිදුව ඇත.