කොවිඩ් එන්නත මුදලට දුන් කාර්යාල කාර්ය සහායක පොලිස් දැලට හසුවේ
කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට රුපියල් 1000ක මුදලක් අයකළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය සඳහන් කරනවා.
මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් මුදල් අය කර ඇත.
පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි මරදාන පොලිසිය සඳහන් කරනවා.
බස්නාහිර පළාත් බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර මෙය එන්නත් ලබාදීම ආරම්භ කල මුල් වකවානුවේ සිටම සිදුකරගෙන ගොස් තිබේ.
මරදාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් ලබා ගන්නා ලද රුපියල් 20000ක පමණ මුදලක් සොයාගෙන තිබෙනවා.