නීති සිසුවකුට පහරදීමේ සිද්ධියට කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ
නීති සිසුවකුට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී අද (8 වැනිදා) වන විට දින 5ක් ගත වී ඇත. එහෙත් මේ වනතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැත.
නීති සිසුවකු වන මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිසිය තුළදී ඉකුත් පෙබරවාරි 25 වන දින පහරදීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන සියලුම පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත ඉකුත් 3 වැනිදා උපදෙස් දී තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්රහය සහ වධහිංසා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, පොලිස්පති සී.ඩී. වික්රමරත්නට වැඩිදුරටත් උපදෙස් දී තිබිණි.
ඉෂාර රත්නකාර