මුදලට ඉල්ලු කොවිඩ් එන්නත් දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි ?
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිෂීල්ඩ් යන වෙළෙඳ නාමය යටතේ ඉන්දියාවේ සේරම් ආයතනය නිපදවනු ලබනවා.
එම ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇති බවට වන ලිපියක් මගින් ඉන්දියාවේ සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දන්වා තිබෙන බව පුවතක් වාර්තාවේ.
එම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගිය මාසයේදී මෙරටට ආනයනය කෙරිණි.
කෙස් නමුත් පසුගියදා තම කර්මාන්ත ශාලාව තුල හටගත් ගින්න් හේතුවෙන් මාසික එන්නත් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට බාධා පමණ ඇති බව සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දන්වා ඇති බවට තිබෙන මාධ්‍ය වාර්තා සඳහන්ව ඇත්තේය.
මේ අනුව ලංකාව මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 5යි ශත 25 බැගින් මාත්‍රා මිලියන 1.5 ක් වෙනුවෙන් සීරම් ආයතනයට මුදල් ගෙවා ඇති අතර මාත්‍රා මිලියනයක් ලැබීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසයේදී හෝ මාර්තු මාසයේදීය.
අදාළ ඇණවුම අවලංගු කිරීමට හා මුදල් ආපසු ගෙවීමට එකතාව පළ කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉල්ලා ඇති බව කියැවේ.
කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත්තේ නිෂ්පාදන සැලැස්ම නැවත සකස් කිරීමට සිදුවනු ඇති බවට සීරම් ආයතනය විසින් ඉල්ලුම් කර තිබෙන රටවල් ගණනාවකට පොදුවේ දන්වා ඇති බවය.