News

භාරතීය ජනතා පක්ෂය පිහිටුවයි

භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් බව එම පක්ෂය විසින් නිල වශයෙන් දැනුම් දෙයි. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයත්, මෙරට තුළ ස්ථාපිත කළ මෙම පක්ෂයත් අතර කිසිදු සම්බන්ධයක් නැතැයි එම පක්ෂයේ ලේකම් එම්. ඉන්ද්‍රජිත් අරුණ ට ඊයේ (7 වැනිදා) පැවැසීය.

එම පක්ෂයේ නායක වශයෙන් එම්. මුත්තුසාමි ද, භාණ්ඩාගාරික වශයෙන් එම්.ඩිලන් ද පත්කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

මෙම පක්ෂය මෙරට තුළ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවත් උතුරු, නැගෙනහිර, වතුකරය හා කොළඹ කේන්ද්‍රගත වන පරිදි ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වන බවත් හෙතෙම කීවේය.

 

කිත්සිරිගේ ප්‍රසන්න – යාපනය

එෆ්. අස්ලම්