ලංකාවෙන් මුහුදු ගිය මත්ද්‍රව්‍ය බෝට්ටු
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 03ක් කේරළ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරණ පරිදි එම බෝට්ටුවල සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවන් 07ක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මුහුදට පැන ඇති බවද සඳහන් ය.
අත්අඩංගුවට ගත් බෝට්ටුවල තිබූ කොකේන් කිලෝ 200ක්,හෂිෂ් කිලෝ 60ක් සහ උපකරණ තොගයක් ද සොයාගෙන ඇත. සොයාගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් ගණනය කර නැති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.