උපාධිධාරීන් පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක
වයස් සිමාව ඉක්මවූ උපාධිධාරීන් අභ්‍යාස ලාබී පුහුණුව සඳහා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් සත්‍යක් ග්‍රහයක් අරඹා ඇත.
අද දහවල් එම පිරිස පළාත් සභා හා පළාත්පාලන අමත්‍යංශය ඉදිරිපිට සත්‍යක් අරඹා ඇති බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කරනවා.
මේ අතර ඌන සේවා උපාධිධාරීන් මුහුණ දෙමින් සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය අද දහවල් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත.
එම පිරිස ජනාධිපති කාර්යාලය අසළ පිහිටි විරෝධතා සඳහා වෙන්කර ඇති ස්ථානයේ උද්ඝෝෂණයක නිරතවන බවයි වාර්තා වන්නේ.