චිත්ර ශිල්පියකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
විහාරස්ථානයක බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු විහාරස්ථානයක් තුළදී කුඩා දරුවෙකු අපයෝජනය කිරීමේ සිදුවීමකට එම චිත්ර ශිල්පියාට වසර 36ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියමකර තිබේ.
තලාව ප්රදේශයේ රජමහ විහාරස්ථානයක මෙම සිදුවීම සිදුව තිබුණි.
අපයෝජනයට ලක්ව තිබුණේ 2013 වසරේ ජුනි මස 01 වන දා සිට එම මාසයේ 30 වන දා දක්වා කාලයේ බාල වයස්කාර පිරිමි දරුවෙකි.
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා 06 ගොනුව තිබූ අතර වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් 50,000ක වන්දියක් ගෙවීමට නියම කර ඇත.