News

අශෝක් අබේසිංහ සී.අයි.ඩී.ය මඟහරී

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හෙට දිනයේ පෙනී සිටින ලෙසට යළි දැනුම් දුන් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.