පාස්කු වාර්තාව අධ්‍යයනය කර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්න
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ විධිමත් ලෙස අධ්‍යයනය කර ඒ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කළ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
මෙරට 70% ක් වන බෞද්ධ ජනතාවට නායකත්වය දෙන මහානායක ස්වාමීන් වහන්සේලා රටේ ඇතිවන ජාතික, ආගමික හා සමාජ ප්රශ්නවලදී ඒවා සමනය කිරීම සඳහා උන්වහන්සේලාගේ කාර්යභාරය මැනවින් ඉටු කරනු ලැබූ බවත් මේ අවස්ථාවේ බරපතළ ගැටලු රැසක් නිර්මාණය කර තිබෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවද උන්වහන්සේලා නිසි ලෙස අධ්‍යයනය කර රටට පැහැදිලි කිරීමක් කරනු ඇති බවත් උන්වහන්සේ කීහ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාව සම්බන්ධව ඊයේ (8) අස්ගිරි මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් දැනුවත් කර ඒ පිළිබඳ සංදේශයක් උන්වහන්සේට භාර දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඥානසාර හිමියේ මේ බව ප්‍රකාශ කළහ.
කමල් සුරවීර – මහනුවර