ෆයිසර් – බයෝටෙක් එන්නතෙන් වෛරසයට වෙන දේ මෙන්න
ෆයිසර් – බයෝටෙක් කොවිඩ් 19 එන්නත මඟින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය උදාසීන කිරීමට හැකිවන විදෙස් වාර්තා සඳහන් කරයි.
බ්‍රසීලය රසායනාගාර අධ්‍යයනයන් හරහා සිදුකළ නවතම පර්යේෂණයක් හරහා මේ බව තහවුරු කරගෙන ඇත.
නව වෛරසය වැළඳී ඇති පුද්ගලයන් වෙත මෙම එන්නත ලබා දී පසුව ලබාගත් රුධිරයේ වෛරසය උදාසීන වී ඇති ආකාරය බ්‍රසීල අධ්‍යයන තහවුරු කර ගෙන ඇත.
බ්‍රසීලයේ ව්‍යාප්තවී පවතින කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මෙලෙස උදාසීන කිරීමට ෆයිසර් එන්නතට හැකිවීම නිසාවෙන් ලෝකයේ විවිධ රටවල ව්‍යාප්තව පවතින කොවිඩ් 19 ප්රභේදවලටද මෙමගින් ධනාත්මක බලපෑම් එල්ල කිරීමට හැකියාවක් පවතීද යන්න ඉදිරියේදී තහවුරු කිරීමට නියමිත බවයි විද්‍යාඥන් පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.