News

කොරෝනා ආසාදිතයින් 240ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ තවත් ආසාදිතයින් 240දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 82753ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මේ දක්වා හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 86039ක් වන අතර, ඉන් ආසාදිතයින් 2779දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 507කි.