නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහරදෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ස්වයං නිරෝධායනයට ලක්කර ඇති සිසු සිසුවියන් සිව් දෙනෙකු රැගෙන යාමට පැමිණි ගිලන් රථයකට පහරදීමක් සිදුකර ඇත.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (09) දින පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරිපස වීදුරුවට අදාළ පහරදීම සිදුකර තිබේ. මෙනිසා රථයේ ඉදිරිපස වීදුරුවට අලාභහානි සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ගිලන්රථයට පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර එම පුද්ගලයා යම් මානසික අබාධයකින් පෙලෙන පුද්ගලයකු ද යන්න සෙවීමට පරීක්ෂණ අරඹා ඇත. හෙට (10) දින අධිකරණය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා.