සීනි බදු වංචාවෙන් රු.බිලියන 15.9ක පාඩුවක්
සීනි බදු වංචාව නිසා රුපියල් බිලියන 15.9ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බවට මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත
2020 ඔක්තෝබර් 14 වැනිදා සිට 2021 පෙබරවාරි 20 වැනිදා දක්වා මෙම වංචාව සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි. සීනි ආනයන බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් මෙම බදු ආදායම අහිමිවී ඇති බව වාර්තාවේ සඳහන්ය. බදු අඩු කිරීමේ වාසිය මහජනතාවට නොලැබී ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ආනයනකරුවන් හත් දෙනකු මහා පරිමාණ ලෙස සීනි ආනයනය කර අති බවත් එම වාර්තාව හෙළි කරන අතර එක් සමාගමක් ආනයනික සීනි ප්‍රමාණයෙන් 39%ක්ද සෙසු සමාගම් 45%ක්ද සීනි ආනයනය කර ඇති බව වාර්තාවේ දැක්වෙයි. මෙලෙස ආනයනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක් පමණ වෙයි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කරයි.
උදයජීව ඒකනායක, අජිත් අලහකෝන්