News

තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගල ඝාතනයක්

පුත්තලම කදයාකුලම් ප්‍රදේශයේ පුද්ගලයකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවකු අද (10) පුත්තලම මුලස්ථාන පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 59හැවිරිදි අයෙකු වන අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පරෙවියන් සම්බන්ධ ආරවුලක් දුරදිග යාම නිසා තියුණු ආයුධයකින් ඇන ඝාතනය සිදුකර ඇත.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පළාගොස් ඇති බව පොලිසිය සඳහන් සඳහන් කරයි.