News

කොළඹ – කතරගම මාර්ගය අවහිර කරයි

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට ප්‍රදේශයෙන් අවහිර කර විරෝධතාවයක් සිදුකරන බව වාර්තාකරුවන් සඳහන් කරනවා.
හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කීරීම ඇතුළුව කරුණු 06ක් මුල්කරගෙන ගොවි සංවිධාන කිහිපයක් දින 53ක් පුරා සත්‍යග්‍රහයක ද නිරත වේ.

ඔවුනට සහය දක්වමින් අද (10) දින ගොවි නියෝජිතයන් 1500ක පමණ පිරිසක් උද්ඝෝෂණයේ නිරතව ඇත. උද්ඝෝෂණයේ නිරත පිරිස සඳහන් කරන්නේ සක්‍රිය ලෙස වහා අලි වැට ඉදිකරන ලෙසය.

සත්‍යග්‍රහය පසුගිය ජනවාරි 26 වන දින ආරම්භ කර තිබුණි.