News

නාගානන්ද ගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධයනය සම්මත කිරීම අභියෝගයට ලක්කරමින් අදාළ පෙත්ම ගොනුකර ඇති අතර පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර ඇත.

පෙත්සම සලකාබැලීම මේ මස 12 සිදුකිරීමට නියමිතය.

පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු කටයුතු කරයි.

20 වන සංශෝධනය සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනිය, සහ අධිකරණයේ ස්වාධීනත්වය අනතුරට ලක්ව ඇති බවත් සඳහන් කරමින් විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙත්සම ගොනුකර තිබේ.