News

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 83000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 457දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 83210 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් කොවිඩ් ආසාදිතයින් 86343 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඉන් ආසාදිතයින් 2622දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 511කි.