ජනවාරියේ සීනි-රසකැවිලි ආනයනයට කෝටි 1120ක් වැය වෙලා
මෙම වසරේ 2021 ජනවාරි මාසයේදී පමණක් රුපියල් එක් දහස් එකසිය විසි එක් කෝටි විසිපන් ලක්ෂයක සීනි හා රසකැවිලි ආනයනයන කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
මහ බැංකුව ප්රකාශයට පත් කරන ලද නවතම විදේශීය අංශ ක්රියාකාරීත්ව වාර්තාවෙහි සඳහන් ආකාරයට 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම සැසඳීමේදී 186.9%ක ඉහළ යාමකි. එම වසරේ ජනවාරි මාසයේ ආනයන වියදම රුපියල් කෝටි 390ක් විය.
සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2019 හා 2020 වර්ෂවල දී දරා ඇති වියදම් පිළිවෙලින් ඩොලර් මිලියන 201.2ක් (රුපියල් කෝටි 3,923.4)ක්) හා ඩොලර් මිලියන 277.7ක් (රුපියල් කෝටි 5,415.15ක්) වේ. මේ අතර පාරිභෝගික භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.
“පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ගකර ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම සියයට 24.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා සීනි සහ පොල්තෙල් ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම ප්රධාන වශයෙන් හේතුවිය. පරිප්පු සහ මිරිස් ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, 2020 ජනවාරි මාසයට සාපේක්ෂව අනෙක් බොහෝ ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවිය.
නයන තරංග ගමගේ