විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අනිවාර්ය නිරෝධායනයේ වෙනසක්
විදෙස් තානාපති සේවාවන්වල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධනාවල සහ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සේවාවන්ට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී අනුගමනය කෙරෙන නිරෝධායන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනය කර තිබේ.
ඒ අනුව විදෙස්ගත රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතු එවැනි ශ්‍රී ලාංකිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙරටට පැමිණීමේදී සිය නිවෙස්වලදීම අනිවාර්ය නිරෝධායනයට ලක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී තිබේ.
2021 මාර්තු 8 වැනිදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මීට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ඔවුන්ගේ මාපියන්, බිරිය සහ දරුවන් ඔවුන්ගේ නිවාසවලදී දින 14ක අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතුය.
එහිදී අදාළ පුද්ගලයන් මෙරටට පැමිණීමට දින 14කට පෙර තමා ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් ලබාගත් නිරෝධායනයට සුදුසු නිවාසයක් පවතින බවට වන සහතිකයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාට යොමුකර අනුමැතිය ලබාගත යුතුය.
නයන තරංග ගමගේ