දෙදිනක් තුල මොනරාගල කොවිඩ් ආසාදිතයන් 16ක්
මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) සහ අද (12) කොවිඩ් ආසාදිත රෝගීන් 16ක් හඳුනාගෙන ඇති බව මොනරාගල ප්‍රාදේශිය සෞඛය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා සඳහන් කර තිබේ.
එම රෝගීන් පිරිස’ මැදගම ගොඩිගමුව ,බිබිල ,වැල්ලවාය, මොනරාගල යන ප්‍රදේශ වලින් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සඳහන් කරයි. එම පිරිස මේවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර ඇත.
වාර්තාවී ඇති පරිදි මොනරාගල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් 530ක් සොයා ගෙන ඇති අතර නිවෙස් වල නිරෝධායනය වන සංඛ්‍යාව 217ක් වේ.