පාස්කු වාර්තාවේ තවත් වෙළුම් 22ක් නීතිපතිට
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් 22ක් අද (12) නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් මෙම වාර්තා නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත භාරදී ඇත.
ඒ අනුව මේ වනවිට එම වාර්තා වේ සියලුම වෙළුම් (87) අවශ්‍ය කටයුතු සඳහා නීතිපතිවරයාට භාර දී ඇත.