News

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 87000 ඉක්මවයි

මෙරට තවත් පුද්ගලයින් 115දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87104ක් දක්වා ඉහළ ‌ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 83958දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් ආසාදිතයින් 2626දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදිතවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 520කි.