ද. අප්‍රිකානු ප්‍රභේදය වැලඳුණ කිසිවකු සමාජයෙන් හමුවී නෑ
දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය වැලඳුණු කිසිවකු (B1 351) මෙතෙක් සමාජයෙන් වාර්තා වී නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.
පසුගිය සති කිහිපයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 93 දෙනකුගේ ගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී ටැන්සානියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයකුට මෙම දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති බවට තහවුරු විය.
මහියංගණය, අවිස්සාවේල්ල, පැල්මඩුල්ල, ඇහැලියගොඩ, වාද්දුව, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර යන ප්‍රදේශවල ආසාදිතයන්ගේ හා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගෙන් එම ජෛව සාම්පල ලබාගත් බවද ඔහු සඳහන් කළේය.
ඒ අතරින් 5 දෙනකුගෙන් ලබාගත් ජෛව සාම්පල අතුරින් 4 දෙනකුට එංගලන්තයේ ව්‍යාප්ත වන වයිරස් ප්‍රභේදය ආසාදිත බවත් එක් අයකුට දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආසාදිත බවටත් හඳුනා ගත් බව හෙතෙම පවසයි.
මේ අතර ඉතිරි ජෛව සාම්පල 82 කින් 81 ක්ම ශ්‍රී ලංකාවට ආවේණික (B.1.411) ප්‍රභේදය බවට හඳුනාගෙන තිබේ.
එමෙන්ම දැනට ලෝකයේ ලබාදෙන මොනම එන්නතකටවත් ප්‍රතිචාර නොදක්වන කොවිඩ් වයිරසයක් E.484.K නමැති වයිරසය ආසාදිත පුද්ගලයකුද පරීක්ෂණවලදී හමුවූ බව වෛද්‍යවරයා කියයි.
වරුණි පෙරමුණ