News

සාරා අනුස්මරණයට දහස් ගණනක් ලන්ඩන් නුවරට

පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කළ සාරා එවඩ් නම් තරුණිය අනුස්මරණය කිරීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එංගලන්තයේ ලන්ඩන් නුවරට එක්රැස් වී තිබේ.

තරුණිය පැහැරගෙන ගොස් ඝාතනය ලක් කිරීම සම්බන්ධයෙන් 48 හැවිරිදි වේන් කෝසන්ස් නැමති පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය මාර්තු 03වැනිදා රාත්‍රීයේදී සාරා එවඩ් නම් 33 හැවිරිදි තරුණිය අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුව ඇගේ සිරුර ලන්ඩනයට කිලෝමීටර 80 ක් පමණ ඈතින් කුණුදිග එංගලන්තයේ වනාන්තරයක තිබී හමු වී ඇත.

රට තුළ පනවා ඇති දැඩි කොවිඩ් සීමා ද නොතකමින් සාරා වෙනුවෙන් රට පුරා අනුස්මරණය සඳහා දහස් ගණනින් පිරිස් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාරා සිහිපත් කරමින් ලන්ඩන් වැසියන් පැවැත්වූ අනුස්මරණය සඳහා අගමැති බොරිස් ජොන්සන් සහ සහකාරියද එක්වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධියත් සමඟ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සහ කාන්තා හිංසනය සම්බන්ධව දැඩි කතාබහක් ලක්ව ඇති අතර ලන්ඩන් නුවර කාන්තාවන් තනිව මහ මග ගමන්කිරීමට පවා බියවී ඇති බව වාර්තා වේ.