රටේ සමඟියට තර්ජනයක් නම් මද්‍රසා පාසල් ගැන දැඩි ක්‍රියාමාර්ග
රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මද්‍රසා පාසල් පවත්වාගෙන යන්නේ නම් ඒවා පිළිබඳව තීන්දු ගැනීමට රජය නියෝග දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මද්‍රසා ආයතන 1965ක් මේ වනවිට රටතුළ ක්‍රියාත්මක වන අතර මෙම ආයතන පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට, ඒවායේ ඉගැන්වීම් කටයුතු සොයා බැලීමට යහපාලන රජය කටයුතු නොකළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.
“මේ ආයතනවලට ඇවිත් උගන්වන්න කවුරු හරි වීසා බලපත්‍රයක් ඉල්ලනව නම් ඒ අයගේ ඉතිහාසය විස්තර සහිත ව සොයා බැලුවා. ඒ සියල්ලක් ම යහපාලන රජය අහෝසි කළා. ගුවන්තොටුපළේ දී ම ඒ අයට වීසා ලබා දීමට යහපාලන රජය කටයුතු කළා. කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව, විමර්ශනයක් කරන්නේ නැතුව ක්ෂණික ව ගුවන්තොටුපළේ දී ම වීසා දුන්නා. ඒවයින් තමයි මේක මේ විදියට ව්‍යාප්ත වුණේ.”යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.