නාමල් නිවසේ නිරෝධායනය ප්රතික්ෂේප කරයි
ඩුබායි සංචාරයෙන් අනතුරුව නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව ලැබුණු නමුත් මා එය ප්රතික්ෂේප කළ බව ක්රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
දින කිහිපයක ඩුබායි සංචාරයකින් අනතුරුව මෙරටට පැමිණි ඇමැතිවරයා නිවසේ නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේ පුද්ගලයකු පළකර තිබූ සටහනකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කර තිබේ.
‘‘ඔබගේ මානසිකත්වය මා හට තේරුම්ගත හැකියි. මා මේ වන විට නිරෝධායනය වී සිටින්නේ මාගේ නිවසේ නොවෙයි. මටත් බිරිඳක් සහ මාස 06ක දරුවෙක් සිටින බැවින් නිවසට යෑමට අවස්ථාව ලැබුණද එය මා භාරගැනීමට සූදානම් නැත.’’
කෙසේ වෙතත් මේ වන විට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට මෙන්ම එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්රියාත්මක නිරෝධායන නීති ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
නයන තරංග ගමගේ