බදුල්ලේ පොලිස් නිලධාරීන් 06කට කොවිඩ්
බදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණුවකට සහභාගී වී සිටි පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
අද (16) දින මේ බව හඳුනාගෙන ඇත.
මොවුන් සියලු දෙනා සැරයන්වරුන් වන අතර ලුනුගල , කන්දකැටිය ,මහියංගණය ,ගිරාදුරුකෝට්ට, බදුල්ල සහ හාලිඇල පොලිසි වලට අනුයුක්තව සේවය කරන අය බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරයි.
එම පිරිසට උණ තත්වයක් හටගෙන තිබෙන අතර මේ නිසා බදුල්ල මහ රෝහලට පැමිණ තිබේ. එහිදී ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේදී එම පිරිස කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.
එබැවින් පොලිස් පරිශ්‍රය විෂභිජ හරණය කිරීමට පියවරගෙන ඇත.