News

මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකවරුන් දෙවැනි දිනටත් උද්ඝෝෂණයේ

මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකවරු විසින් ඊයේ (15) දිනයේ ආරම්භ කළ උද්ඝෝෂණය අද (16) දිනයේ ද එලෙසින් ක්‍රියාත්මක වේ.

සිය රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළේය.

එම සංගමයේ සභාපති පී.සී.ආර්. පෙරේරා මහතා සදහන් කළේ දිවයින පුරා ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකවරුන් 1169දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත සේවය කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග ඊයේ පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් උද්ඝෝෂකයින් අද දෙවැනි දිනටත් මෙලෙස උද්ඝෝෂණයේ නිරතව සිටියි.