අසාද් සාලි ඔහොම කියෙව්වොත් ආරාබියේ නම් දිව කපලා දායි
අසාද් සාලි මහතා පසුගිය දා සිදුකල ප්රකාශය සම්බන්ධයෙන් සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ ඕනෑම රටක විනයක් නීතියක් තිබෙන බවත් අසාද් සාලිට අවැසි පරිදි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ප්රකාශ නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.
සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කර සිටියේ අද (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති රැස්වීමකින් අනතුරුවය.
පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
“අසාද් සාලිට ඕන විදිහට දොඩවන්න බෑ. එහෙම නම් තියෙන්නේ එයාට සෞදි අරාබියට හරි කොහේ හරි යන්න. එහෙ වුණත් ගිහිල්ලා ඔහොම දොඩවන්න ගියොත් අල්ලලා දිව කපලා දායි. ඒ රටවල්වල වුණත් විනයක් තියෙනවා. නීතියක් තියෙනවා. අසාද් සාලිට ඉන්න වෙන්නේ ලෝකෙ කොහේ හරි නීතියක් නැති තැනක.”