News

පළාත් සභා ඡන්දය ඉදිරි මාස 9 ඇතුළත

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍යවේදීන් සඳහා ඊයේ (16 වැනිදා) පැවැත්වූ පුහුණු වැඩමුළුවකදී සභාපතිවරයා මේ බව කීවේය. දේශපාලන පක්ෂ, මැතිවරණ සංවිධාන සහ සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභාව සමග කරන ලද සාකච්ඡාවලදී ඔවුන්ගේ මතය වූයේද පළාත් සභා මැතිවරණය මේ වසරේදී පැවැත්වීම බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඡන්ද ක්‍රමයක් ලෙස මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මැතිවරණ පැවැත්වීම කොමිෂන් සභාවේ මතය වුවත්, පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්විය හැකි ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවද සභාපතිවරයා පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර