උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සිමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ පසුගිය නත්තල් සමයෙන් අනතුරුව මෙරට තුළ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය ඉහළ ගිය බවයි.
එමෙන්ම උත්සව කාලසීමාවන් තුළ දී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිනොපදින බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපතිවරයා සදහන් කරයි.
2020 වසර පෙර ජනතාව පුරුදු වී සිටි ආකාරයට උත්සව සැමරීමට ගියහොත් කොවිඩ් ව්‍යාප්තියේ වෙනසක් සිදුවිය හැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.