බස්නාහිර හරිත පෙනහැල්ල වැනසීමට එරෙහිව අත්සන් එකතු කරයි
බස්නාහිර පළාතේ හරිත පෙනහැල්ල ලෙසින් සැලකෙන මුතුරාජවෙල වැනසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සහ අත්සන් එකතු කිරීමේ වැඩ සටහනක් අරඹා ඇත.
වැඩසටහන අද (17) බෝපිටිය මංසන්ධියේදී පැවැත්විණි.
මෙහිදී අත් පත්‍රිකා මගින් මුතුරාජවෙල අභය භූමියේ ඇති පාරසරික වැදගත් කම මෙන්ම අභයභූමියේ ප්‍රභවය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සිදු කර තිබේ.
අත්සන් එකතු කිරීම හා දැනුවත් කිරීම වෙනසකට තාරුණ්‍යය සංවිධාන මගින් සිදුකර ඇත.