News

මෙරට විදේශ ඇමති සහ පාකිස්තාන මහ කොමසාරිස් අතර හමුවක්

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් මුහම්මඩ් සාඩ් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් හමුව පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර මාර්තු 23 වන දින කොළඹ දී පවත්වනු ලබන පාකිස්තාන ජාතික දින සැමරුමට සහභාගී වන ලෙසද පාකිස්තාන මහ කොමසාරිස්වරයා දිනේෂ් ගුණර්ධන අමාත්‍යවරයාට ආරාධනා කර තිබේ.