News

රවී කරුණානායක රිමාන්ඩ්

හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එහි විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද(17) අධිචෝදනා පත්‍ර භාර දුන් අතර 2016 වසරේ මාර්තු මස 29 සහ 31 යන දිනයන් හිදී සිදුවූ මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මීට අදාළ නඩුව විභාග වෙයි.