News

පස්සරින් අලුත් කොවිඩ් පොකුරක්

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිත 8දෙනෙකු හදුනාගෙන තිබේ.

ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා පැවසුවේ එම ආසාදිතයින් මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ වූවන් බවයි.

පස්සර බඩල්කුඹුර ප්‍රදේශයේ මැණික් පතල් ආශ්‍රිතව මෙම පොකුර නිර්මාණය වී ඇතැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා වැඩිදුරටත් පැවසීය.