කොරෝනා ඉන්ෆ්ලුවෙන්සා වගේ වෙයිද?
කොවිඩ් 19 වෛරසය දීර්ඝ කාලයක් පැවතිය හොත් එය දේශගුණික බලපෑම මත වැළදෙන අනිවාර්ය රෝගයක් බවට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බව වාර්තා වේ.
16 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කිසියම් කාල පරිච්ඡේදයකදී පමණක් පැමිණෙන වෛරසයක් බවට පත්ව ඇති අතර ඒ අනුව කොරෝනා වෛරසය ද එලෙස වැළදිය හැකි වෛරසයක් බවට පත්වනු ඇතැයි එම කමිටුව අවධාරණය කරයි