2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද
2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද පෙරවරු 11.30 ට නව වසරේ පළමු පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම හමුවේදී නව වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දිනය ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ලබන 8 වන දා රැස්වන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ද මෙහිදී සකස් කිරීමට නියමිතයි.