අග්රාමාත්යවරයා දෙදින සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යයි
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින රාජ්ය තාන්ත්රික සංචාරයක් සඳහා අද (19) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ.
බංග්ලාදේශ අග්රාමාත්ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්රාමාත්යවරයා මෙම සංචාරයේ නිරත වේ. මේ අනුව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ 50 වන නිදහස් සංවත්සර සැමරුම ට ද සහභාගිවීමට නියමිතය.
මෙම සංචාරය අතරවාරයේදී අග්රාමාත්යවරයා බංග්ලාදේශ ජනාධිපති සහ අග්රාමාත්යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බව අග්රාමාත්ය කාර්යාලය සදහන් කරයි.