බංග්ලාදේශ අගමැතිනිය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පිළිගනියි
දෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්විය.
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ආරාධනයකට අනුව බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ ඡන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු වේ.
සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහ බැංකුවේ අධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.