පරිසර පනතට නව වගන්ති 42ක්
ජාතික පරිසර පනත වසර 20කට අධික කාලයක් කිසිඳු සංශෝධනයකට ලක්කර නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.
එසේම ජාතික පරිසර පනතට නව වගන්ති 42ක් ඇතුලත් කරමින් සංශෝධනය කිරීමටද පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත.
පාරිසරික සුරක්ෂිත තාව උදෙසා දැනට ක්‍රියාත්මක ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කරයි.
මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් කී ඇමතිවරයා ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන්ම ඇතැම් නිලධාරින් ද මෙම පරිසර හානිය පසුපස සිටින බව නොරහසක් යැයි සඳහන් කර තිබේ.