බිරින්දෑවරු දෙදෙනා ගැටී එක බිරියක් මරුට
කාන්තාවන් තිදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් කතාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව හැටන් දිඹුල පතන පොලීසිය සඳහන් කරයි. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නමැති කාන්තාවක ය.
පහර දුන්නේයයි සඳහන් වන කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය වන අතර මරණයට පත්ව ඇත්තේ 42 හැවිරිදි එකම වතු නිවාස පෙළක පදිංචි කාරිනියකයි.
පළමු විවාහයේ බිරිඳ සහ දියණිය කොළඹ සිට ෆොරස්ට් ක්‍රික් වතු යායේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී අද (19) උදෑසන 11.30 ට පමණ බහින් බස් වීමක් සිදුවී ගැටුම දුර දිග ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි. අනතුරුව ගැටුමෙන් දෙවන බිරිය මියගොස් ඇත.
මැය ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඇගේ සැමියාගේ පළමු විවාහයේ බිරිය හා දියණිය විසින් කළ පහර දීමකින් බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාවන් දෙදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර කොටගල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
දිඹුල පතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.