News

වැඩිහිටි නිවාසයක 58දෙනෙකුට කොරෝනා

බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයක 58දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර සදහා යොමුකර ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඔවුන්ගේ ආශ්‍රිතයින් ද සොයා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති අතර, එම කාලසීමාවේදී ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ වලට ද යොමු කිරීමට නියමිතයි.