News

පෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී

උඩුදුම්බර නුගේතැන්න බටහිර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයෙක් විසින් ගිනිඅවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මොහු සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 25ක හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙලෙස මෙම තරුණයා සියදිවි හානිකර ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.