අතුරුදන් වූ පාසල් සිසුවා යළි නිවසට පැමිණෙයි
ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අතුරුදන් වූ වයස අවුරුදු 15ක පාසල් සිසුවා හමුවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ අතුරුදන් වූ දරුවා ඊයේ (20) රාත්‍රී 10.15ට පමණ නිවසට පැමිණ ඇති බවයි.
මෙම දරුවා පසුගිය 18 වැනිදා අතුරුදන් වූ අතර, දරුවා සොයාගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
දරුවා සෙවීමේ කටයුතු වලදී CCTV දර්ශන පරීක්ෂා කළ අතර, 18වැනිදා උදෑසන 6.35ට ඔහු සම්බන්ධයෙන් අවසන් වරට වීඩියෝ දර්ශන සොයා ගැනීමට හැකිව තිබිණි.
දරුවා නිවසට පැමිණිය ද කුමන හේතුවක් මත දරුවා අතුරුදන්වා සිටියා ද, මේ සම්බන්ධ අපරාධ ක්‍රියාවක් ඇතිදැයි සෙවීම සදහා විමර්ශන කටයුතු දීර්ඝව සිදුකරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.