News

කොස්තාපල්ට පිහි ඇණුම කළ සැකකරු අල්ලයි

කිරුළපන නාගස්වත්ත පාරේදී පොලිස් කොස්තාපල්වරයකුට පිහි ඇනුමක් කර පලාගිය සැකකරු මුගලන් පාරේ ඉදිකරමින් පවතින නිවසක් තුල සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සොයාගන්නා අවස්ථාවේ ඔහු සතු ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙන බව කිරුළපන පොලීසිය සඳහන් කරයි.

තුවාල ලද කොස්තාපල්වරයා මේවන විට ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. එල්ලවූ පිහි පහර නිසා කොස්තාපල්වරයාගේ වම් අතේ මැණික් කටුවට මෙන්ම උර බාහුවට හා පපු පෙදෙසට තුවාල සිදුවී ඇති බව පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

මෙම සැකකරු මින් පෙර අත්අඩංගුවට ගැනීමට යෑමේදී සඟවාගෙන සිටි කුඩා පිහියක් මගින් කොස්තාපල්වරයාට පිහි ඇණුම කර තිබුණි.